අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 වන ලලිත් කුමාර නමැති දෙදරු පියෙක් බවයි පොලිසිය පවසන්නේ.

පවුල් ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනා අතර ගැටුම ඇති වී තිබෙනවා.

පසුව කඩු පොලු මුගුරු සහිතව සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

කෙසේ වෙතතත් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීම සඳහා 1990 සුව සැරිය ගිලන් රථය පැමිණෙන මොහොතවන විටත් ඔහු මියගොස් සිට ඇති බවටයි පොලිසිය පැවසුවේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අවිවාහක තරුණයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයෙකු බවද පොලිසිය පවසනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *