බුද්ධශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාවිසින් ඉදිරිපත්කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන 2025 වර්ෂයේ සිට සියලු ආගම් නියෝජනය කරන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 7500ක වාර්ෂික දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම ගුරුභවතුන් දිරිගැන්වීමේ දීමනාව ලෙස රුපියල් 5000 ක් ලබා දෙනු ඇති.

ඊට අමතරව එම ගුරුභවතුන්ගේ නිලඇඳුම් දීමනාව ලෙස රුපියල් 2500ක දීමනවක්ද ලබා දීමට කටයුතු කරනු ලබනවා.

මේ වනවිට දහම් පාසල් ගුරු භවතුන් හට වාර්ෂිකව රුපියල් 5000ක දීමනවක් ලබා දීම සිදුකළද , 2022 වසර දක්වා ලබා දුන් දහම් පාසල් නිල ඇඳුම ලබා දීම සිදු වන්නේ නැහැ.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *