පොළොන්නරුව ජයන්තිපුර තඹලවැව සොරොව්වේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එහි ජලය හිස්කිරීමට කටයුතු කර තිබෙනවා.

ජලය නොමැතිකම නිසා එහි මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවට ගම්වාසින් ප්‍රකාශ කරනවා.

ඒ අවට ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක්ද පවතින බවයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.

මින් පෙර අවස්ථාවකද මෙළෙස වැවේ සොරොව්ව විවෘත කළද , එවරද ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකළ අතර , එම අවස්ථාවේද මේ ආකාරයට මසුන් විශාල ප්‍රමාණයක් මිය ගිය බවටද ජනතාව චෝදනා කරනවා.

හතමුණ , 6 ඇල , නාග පොකුණ , චන්දන පොකුණ යන ප්‍රදේශ රැසකටද මෙම වැව හරහා ජලය ලබා දෙන අතර , මේ අකාරයට ජලය හිස් කිරීමෙන් අදාළ ප්‍රදෙශවල ජනතාවට ඉදිරියේදි සිය වගා කටයුතු සිදු කිරීමට හැකියාවක් නොමැති බවද ජනතාව මතුකරන තවත් ගැටළුවක්.

මෙම තඹලවැව ජලාශයේ අක්කර අඩි 2500 කට වැඩි ප්‍රමාණයක් ජලය රැස්කර තැබීමට හැකියාව පවතිනවා.

එම ජල ප්‍රමාණය හිස් කිරීම හේතුවෙන් මේ වනවිට අවට ජල මූලාශ්‍රවලද ජලය අඩුවයි පවතින්නේ.

අධික වියළි කාලගුණ තත්ත්වයක් පවතින මෙවන් කාලයක මෙම වැව හිස් කිරීමෙන් , වැවට පැමිණෙන සතුන්ටද , සිය දඉනික අවශ්‍යතා සඳහා වැවට පැමිණෙන ජනතාවද පීඩාවට පත්ව සිටිනවා.

පෙර අවස්ථාවේ ජලය හිස් කර ලබා ගත් මිනුම් අස්ථාන ගතවීම හේතුවෙන් මෙම අවස්ථාවේද මේ ආකාරයට ජලය හිස් කරන්නට ඇතැයිද කිය ප්‍රදේශවාසින්ට සැකයක් පවතින අතර , එයට පිළිතුරු දෙමින් මින්නේරිය ප්‍රාදේශීය ඉංජිනේරු එච්.පී.එම් ජයතිලක මහතා පැවසුවේ පෙර අවස්ථාවේ වැව සම්පූර්ණයෙන්ම හිස් නොකළ බවත් , එම අවස්ථාවේ ගත් මිනුම් ඔවුන් සතුව පවතින බවත්ය .

එමෙන්ම ලබන මාස් කන්නය ආරම්භ වීමට පෙර ජලාශයේ වාන් දොරටු සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *