ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ට අද දිනය සුවිශේෂි දිනයක් වනවා.

ඒ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබීම හේතුවෙන්.

ඉස්ලාම් හර පද්ධතියක් ඇති කිරීමේහි නියමුවා ලෙසයි නබි තුමන් සැලකෙන්නේ.

ඒ වෙනුවෙන් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද විවිධ උත්සව සංවිධානය කරනු ලබනවා.

ක්‍රිස්තු පූර්ව 571 දි උපත ලැබූ නබි තුමා වසර 63 ක කාලයක් විවිධා ආගමික සහ සමාජීය කාර්යයන්හි නිරතව වූ බවටයි ඉස්ලාමීය ඉතිහාසය සාක්ෂි දරන්නේ.

නබි තුමන් ලොවට ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික ජීවිතය තුළින් අන් අයට ආදර්ශයක් වී ,ලොවට ආදරය සහ කරුණාව පතුරන ලෙසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *