මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතාට දුරකථන අංක දෙකකින් තර්ජනාත්මක ඇමතුම් ලැබුනු බවට බවට මහනුවර මූලස්ථාන පොලිසීයට පැමිනිල්ලක් ලැබී තිබෙනවා.

අද අලුයම එම ඇමතුම් ලැබුණු බවටයි ඒ මහතා පොලිසිය හමුවේ පවසා තිබෙන්නේ.

කාන්තාවක් විසින් ඒ ආකාරයට තමාට තර්ජනය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතාට පවසන්නේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *