දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සඳහා භාවිත කරන බැකෝ දුම්රිය යන්ත්‍රයක් කැළණිවැලි දුම් රිය මාර්ගයේ නාරාහේන්පිට සහ කිරුළපන අතර ප්‍රදේශයේදි පීලි පැනීමකට ලක්වුණා.

ඊයේ දිනයේදියි මෙම අනතුර සිදුවුණා.

ඊයේ පස්වරුවේ සිටම එම බැකෝ දුම්රිය යන්ත්‍රය පීලිගත කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීම සඳහා සිදුවුණා.

කේසේ වෙතත් මේ වනවිටත් කැළණිවැලි දුම් රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් , අද උදෑසන නුගේගොඩ සිට හෝමාගම සහ කොස්ගම දක්වා දුම්රියක් ධාවනය වූ බවය් වාර්තා වන්නේ.

නිසි ක්‍රමවේදයක් නොමැතිව පරීක්ෂණ ධාවනය සඳහා එක්කළ මෙම බැකෝ දුම්රිය යන්ත්‍රය හේතුවෙන් ඇතිවු ගැටළු පිළිබඳව වගකීම අදාළ නිලධාරින් භාරගතයුතු බවටයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *