බීමත්ව පැමිණ පිරිසක් පිරිසක් විසින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ කාන්තාවකට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේ එම කණ්ඩායමේ සැරයන්වරයෙකුට පහර දී තුවාල සිදුකර තිබෙනවා.

එලෙස පහර දී තිබුණේ එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු ඇතුළු පිරිසක් විසින්.

එම පිරිස ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 19 , 23 සහ 30 යන වයස්වල පසුවන කුඹුගොඩ ආර , ඇඹිලිපිටිය ප්‍රදෙශයේ පදිංචි පුද්ගලයින් බවයි පොලිසිය පවසන්නේ.

ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් රාත්‍රි මුර සංචාරයේ නිරතවන අවස්ථාවේ පිරිසක් කාන්තාවකට පහරදුන් බවට 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලැබී තිබෙනවා.

ඒ අනුව ඒ පිළිබඳව සොයා බල අදාල නිවස ඉදිරිපිට බීමතින් සිටි සැකකරුවන්ට කට උත්තරයක් ලබා දීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

නමුත් එම පිරිස එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් , සැකකරුවන් පොලිසිය පැමිණි ත්‍රිරෝද රථයට නංවා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ මෙම පහර දීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

එම අවස්ථාවේ සැරයන්වරයාට පහරදුන් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර , තුවාල ලැබු පොලිස් සැරයන්වරයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට නියමිත අතර , ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *