පිළිකා රෝගි තත්වයෙන් සිටි කේට් කුමරිය සිය කිමෝ ප්‍රතිකාර වළින් පසුව නැවත වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

පසුගිය සතියේ දිනක වින්ඩ්සර් මාලිගාවේ රැස්වීමක් පවත්වමින් ඇය නැවත සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බවට නිවේදනය කළා බවයි මාලිගය දැනුම් දෙන්නේ.

එහිදි ඇය වැඩි දුරටත් ඇය කියා සිටියේ පිළිකාවෙන් තොරව ජීවත්වීම සඳහා තමන්ට හැකි සියළු දේ සිදු කරන බවයි.

එමෙන්ම පිළිකාවෙන් තොර නව බලාපොරොත්තුවක් සහ ජීවිතය අගය කරමින් නව කාලපරිච්ඡේදයක් ආරම්භ කරන බවද කේට් කුමරිය පැවසුවා.

පසුගිය දිනවල ගිම්හානයේ සුන්දරත්වය විඳින විඩියෝවක් සමාජ මාධ්‍ය ගතකළ කේට් කුමරිය පවසා තිබුණේ පසුගිය මාස නවයක කාළය ඉතා අභියෝගාත්මක වූ බවත් , නැවත රැකියාව අරම්භ කර , පොදු වැඩ රාශියක් සිදු කිරීමට බලාපොරොහ්තුවෙන් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *