2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළව ඡන්දය භාවිතා කරන අන්දම පැහැදිලි කරන මැතිවරණ කොමිසමේ මාර්ගෝපදේශ සංග්‍රහයක්පසුගියදා නිකුත්කළ අතර , අද විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වමින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළා.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් තිදෙනෙකුට වඩා තරග කරන බැවින් ඡන්ද දායකයින්ට තමාට කැමති අපේක්ෂකයා සඳහා සෘජුව ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ කැමති අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වනවා.

එක් අපේක්ෂකයෙකු සඳහා පමණක් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම්, අදාළ අපේක්ෂකයාගේ නම සහ ලකුණු සඳහන් තීරුව ඉදිරියේ ඇති කොටුව තුළ කතිර ලකුණු (X) යෙදිය යුතුයි.

එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි දෙනෙකුට ඡන්දය ලබා දෙන්නේ නම් කැමැත්තේ අනුපිළිවෙල මත අපේක්ෂකයින්ගේ නම් සහ ලකුණු ඉදිරියෙන් ඇත තීරුවේ 1,2,සහ 3 ලෙස තම මනාපය ප්‍රකාශ කළ හැකියි.

මනාප ප්‍රකාශකළ හැකි උපරිම ගණන 3ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *