ගතවූ පැය 24 තුළ ඉදිරිපත්වූ මැතිවරණ පැමිණිලි සම්බන්ධව සාරංශ සටහන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව වාර්තාවී ඇති දෛනික පැමිණිලි සංඛ්‍යාව 208ක් බවයි එම සටහනේ දැක්වෙන්නේ.

පසුගිය ජුලි 31 වනදා සිට සැප්තැම්බර් 18 වන දින දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 4945ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එම සංඛ්‍යාවෙන් පැමිණිලි 4304ක් විසඳීමට කටයුතු කර ඇති අතර තවත් පැමිණිලි 641 පිළිබඳව විමර්ශනය කිරීමට නියමිතව පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *