ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලැස්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ආරක්ෂක කවුන්සිලය අද ජනාධිපති කාර්යාලයේදි රැස්වුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන හා ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

එමෙන්ම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *