රාජ්‍ය නිළධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9දෙනෙකු මෙලෙස ඉවත් කළ බවයි දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර මහතා පැවසුවේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන බවට විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කලමනාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිධාරින් 19 දෙනෙකු පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19දෙනා අතුරින් නිලධාරීන් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් තිරිමට පියවර ගෙන තිබෙනවා.

එලෙස මැතිවරණ රාජකාරිවලින් ඔවුන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ නිලධාරින් මේ වනවිට සම්පුර්ණ කර ඇති බවද හම්බන්තොට දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර මහතා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *