2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීම අද උදෑසන ආරම්භ වුණා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 13,421කට ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩලය යොමුකරන බවයි.

ඒ සඳහා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 1234 ක් පිහිටුවා ඇති බවද ඒ මහතා පැවසුවා.

ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක් ලක්ෂ 50 000 කට අධික පිරිසක් යොදවා ඇති බවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

එමෙන්ම ප්‍රධාන ගණන් ගන්නා නිලධාරීන් ඇතුළු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් පිට පළාත් සඳහා යොමු කර ඇති බවද ඒ මහතා පැවසුවා.

මේ අතර , ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පොලීසිය කටයුතු කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඡන්ද පෙට්ටි නිකුත් කරන මධ්‍යස්ථාන අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට උදෑසන 7 සිට පස්වරු 4 දක්වා සිදු කිරීමටයි සැලසුම් කර ත්බෙන්නේ.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක්.

වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත්වන මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනෙකු තරග වදිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *