ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල විදෙස් නියෝජිතයින් 116 දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

එම පිරිස අතර , යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් 78 දෙනෙක්, සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් 22ක් ද වනවා.

මේ අතර ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින් 09 දෙන්ක් සහ දකුණු ආසියානු කලාපයේ රටවල නියෝජිතයින් 07 දෙනෙකුද එම පිරිසට අයත් බවටයි වාර්තා වන්නේ.

මෙම ජාත්‍යන්තර නිරීක්ෂකයින් දිස්ත්‍රික්ක 25 පුරා සිය නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.

නිරීක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින්ගේ ආරක්ෂාව සම්බන්ධව සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *