මාතර මිදිගම පොලිස් වසමේ ගොවියාපාන පාලම අසලදී ඊයේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍යද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අහංගම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා අවුරුදු 30 සහ 38 වයසේ පසුවන අඟුලුගහ සහ කෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඒ අනුව අත්අඩංගුවට පත්වූවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ගොවියාපාන පාලම අසලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *