අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා.

මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද දිනය තුළ ඉහළ ගිය අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 4.59% ක දැවැන්ත වර්ධනයක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකවල අගය ඒකක 11,659.71 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,383.76 ක් ලෙසත් සටහන් වී තිබෙනවා.

මේ අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 3.96ක් වශයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *