ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍ය සහ සුරක්ෂිත අනාගතයක් උදාකරලීමට හැකිවෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසනවා.

එමෙන්ම දැනට ක්‍රියාත්මක වන ඓMF වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිරසාර සහකරුවෙකු සහ පාර්ශවකරුවෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට සුදානම් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය එවූ සුබ පැතුමේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *