ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළා.

මේ අතර මහ මැතිවරණය පවත්වන දින වකවානු සම්බන්ධව සටහන් වූ ගැසට් පත්‍රයට ඊයේ ජනාධිපතිවරයා විසින් අත්සන් තැබුවා.

ඒ අනුව එළඹෙන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණය පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

මේ අතර තේරීම්භාර නිලධාරින් විසින් ඔක්තෝම්බර් මස 4 වනදා සිට ඔක්තෝම්බර් 11 වනදා දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවන බවද එම ගැසට් නිවෙදනයේ සඳහන්.

මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිත බවද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *