පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරනවා.

අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ 2024 ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලුදෙනාට නැවතත් මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමට අනවශ්‍ය බවයි.

මේ අතර ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද අයදුම්පත යම් හේතුවක් නිසාවෙන් ප්‍රතික්ෂේප වූවා නම් , ඔවුන් සියලු දෙනා නැවත අයදුම් කළ යුතු බවද මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී අනුගමනය කරපු නීතිරිති රාමුව පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු ආරම්භ වීමත් සමඟම ඒ ආකාරයෙන්ම වලංගු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

2024 ඡන්දහිමි නාමලේඛන අදාළ ඡන්ද දායකයින් 1,714,354 ක් නොවැම්බර් මස 14 දින ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබන අතර මෙවර අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින ආදරණීය දුවා දරුවන්ගේ ඒ අවශ්‍යතාවය පිළිබඳව සලකා බලමින් අපට ලැබී ඇති අවම කාලය තුළ මේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *