මෙවර මහමැතිවරණයෙන් ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්වලින් තෝරාගන්නා මන්ත්‍රී ආසන ප්‍රමාණය එක් ආසනයක‍යින් වැඩි වී තිබෙනවා.

මේ අතර යපනය සහ කොළඹ යන දිස්ත්‍රික්ක වල එක් ආසනය බැගින් අඩු වී තිබෙනවා.

ඒ අනුව 2020 මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් මන්ත්‍රිවරුන් 19 දෙනෙකු තෝරා පත්කරගත් අතර මෙවර එය 18 දක්වා අඩුවී තිබෙනව.

යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරුන් 7 දෙනෙකු 2020 මහ මැතිවරණයෙදි තේරිපත්වූ අතර මෙවර මහ මැතිවරණයෙන් තෝරාගන්නා මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 6 දක්වා අඩුකර තිබෙනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 2020 මහ මැතිවරණයේදි මන්ත්‍රිවරුන් 18 දෙනෙකු තේරී පත්වූ අතර එම මන්ත්‍රි ධූර ප්‍රමාණය මෙවර 19 දක්වා වැඩිකර තිබෙනවා.

කළුතර දිස්ත්‍රිකයෙන් 2020 මහ මැතිවරණයෙන් තෝරාගත් 10 ක්වූ මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව මෙවර මහ මැතිවරණයේදි 11 දක්වා ඉහළ දමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *