ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වනවා.

ඒ මහතා හෙට දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

මුදිත පීරිස් මහතා 2022 වසරේ ජුනි මාසයේ 13 වනදා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කළා.

ගෑස් මිල දී ගැනීමක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මත එවකට සිටි සභාපතිවරයා ඉල්ලා අස්වීමත් සමගයි මුදිත පීරිස් මහතා නව සභාපති ලෙස පත් කෙරුණේ.

මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *