නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක රේගු නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සන්තකයේ තිබී එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගත්තා.

කිලෝ 43යි ග්‍රෑම් 600කට ආසන්න බරකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු ඉතිහාසයේ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

එම බ්‍රිතාන්‍ය ජාතිකයා රැගෙන ආ ගමන් මලු දෙකක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත්තා .

එහි වටිනාකම රුපියල් කෝටි 44කට ආසන්න බවයි රේගුව සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයා වයස අවුරුදු 21 වන බ්‍රිතාන්‍ය ආරක්ෂක සේවා නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *