ශිෂ්‍යත්ව විභාගයේ ඇතිවූ ගැටළුව සම්බන්ධව විමර්ශනයක් මේ වන විට සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

මානව හිමිකම් සභාවේ කොමසාරිස්වරයා ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එම විමර්ශන කටයුතු සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ බලධාරීන් පෙනී සිටිනවා.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ තිබුණා.

ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වුවහොත් දරුවන් යළි පීඩාවට පත්වන බව දෙමව්පියන් කොමිෂන් සභාව හමුවේ පැමිණිලි කළ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *