හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයනවිට 74 වන වියෙහි පසු වුණා.

ඔහු 1994 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

 

වසර තිහක් අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කල ඔහු, නියෝජ්‍ය අමාත්‍ය ධුර කැබිනට් අමාත්‍ය ධූර ඇතුළු තනතුරු රැසක් හෙබවූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වනවා.

 

අවසන් වරට 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් සමඟි ජන බලවේගය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ඒ කළුතර දිස්ත්‍රික්කයෙන් මනාප 77083 ලබා ගනිමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *