5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ උපදෙස් මත මෙම කමිටුව පත්කළ බවයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් ඇතිවුණා.

ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද විමර්ශන ආරම්භ කර තිබුණා.

එම විමර්ශන සලකා බලා විභාගය යළි පවත්වන්නේ ද ? නැද්ද ? යන්න අදාළ කමිටුව විසින් තීරණය කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *