පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවට වාර්තා වනවා.

ඒ මැතිවරණය පැත්වෙන පසුදින , එනම් නොවැම්බර් මස 15 වනදා ඉල් පුර පසළොස්වක පොහොය යෙදීම හේතුවෙන්.

වස්සාන සෘතුවේ අවසාන පොහොයවන ඉල් පුර පෝය දින කඨින විනය කර්මය කළ හැකි අවසන් දිනය වනවා.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ විහාරස්ථානවල වාර්ෂික කඨින චීවර පූජාවන් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත්තේ ඉල් පුර පොහෝදින අලුයම් කාලයේයි.

ඒ අනුව නොවැම්බර් 14 වන දින මැතිවරණය පවත්වා අවසන් වීමෙන් පසු යම් හෙයකින් රටතුළ ගැටළුකාරි තත්ත්වයක් ඇතිවුවහොත් කඨින පිංකම් කෙරෙහි ඉන් බලපෑමක් ඇති විය හැකියි.

එම නිසා මෙළෙස මහ මැතිවරණය දින කිහිපයක් කල් යනු ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නොවැම්බර් මස 25 වනදාට පෙර මැතිවරණය පවත්වා අවසන් කළයුතු අතර , ඊට හේතුවී ඇත්තේ නොවැම්බර් මස 25 දා සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වෙන නිසායි.

මේ අතර මෙ සම්බන්ධයෙන් අවධානය යොමුකරණ ලෙස අස්ගිරි පාර්ශවයද අදාළ බලධාරින්ගෙන් ඉල්ලිම් කර ඇති බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *