2024 අගෝස්තු මාසයේදි 0.5% ක් ලෙස වාර්තා වූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නා.

2024 අගෝස්තු මාසයේ දී 0.8%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී 0.3% දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර 2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -0.5%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් ලෙස වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *