අද (11) උදෑසන මගී බස්රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබේ.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී අද උදෑසන 8:15 පමණ මෙම අනතුර සිදුවී ඇත.

ඒ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනි.

කෑගල්ල පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් තුවාල ලැබූ මගින් 18 දෙනෙකු පමණ කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කළ බවය.

කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ පිටුපස පානදුර සිට මහනුවර දෙසට ධාවනය වූ බස්‍ රථය ගැටී තිබේ.

පානදුර දෙස සිට පැමිණි බස්‍ රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවී ඇතැයි පොලීසිය සැක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *