සමස්ත ලංකා පාසල් කරාතේ ශූරතාවලියේ අවුරුදු 16න් පහළ කාන්තා කුම්තේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට හම්බන්තොට වලස්මුල්ල ජාතික පාසලේ නෙතුම්ලි නුලාරා වික්‍රමගේ සමත් වූවාය.

කිළිනොච්චිය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගාවලියේ 16න් පහළ වයස් කාණ්ඩයේ කුම්තේ ඉසව්වේ කිලෝග්‍රෑම් 45ට අඩු බර පන්තිය තරග කළ නෙතුම්ලි සිය පියා වන වලස්මුල්ල ජාතික පාසලේ කරාතේ උපදේශක සහ ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් කරාතේ සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද වික්‍රමගේ මහතා යටතේ පුහුණුව ලබන්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *