හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් දෙමහල් නිවසකින් හමුවූ එකම පවුලේ තිදෙනාගේ මෘතදේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද (21) සිදු කිරීමට නියමිතව තිබේ.

පොලීසිය පැවසුවේ මරණ පිටුපස ඇති අබිරහස ඉන්පසු අනාවරණ කරගත හැකිවනු ඇති බවය.

හලාවත, සිංහපුර ප්‍රදේශයේ, ගිනිගෙන විනාශ වූ දෙමහල් නිවසක තිබී එකම පවුලේ මව පියා සහ දියණියගේ මළ සිරුරු පොලීසිය ඊයේ සොයා ගැනුණි.

එලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 51ක් වන එස්.ජී. සේනාරත්න නම් නිවෙස් හිමියා, 44 හැවිරිදි මංජුලා නිරෝෂනී නම් ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂා යන නිවැසියන් බවට හඳුනාගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *