ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ

එමෙන්ම අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *