එළඹෙන නොවැම්බර් මස 5 වනදා අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් 81 වන වියේ පසුවන ජනාධිපති ජෝ බයිඩන් හා 78 හැවිරිදි වියේ පසුවන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන පළමු රූපවාහිනී විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම විවාදය මිනිත්තු 90 ක කාලයක් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

විවාදයේදී බාධා කිරීම් අවම කිරීම සඳහා අනෙක් අපේක්ෂකයාගේ කතා කිරීමේ වාරයේදී මයික්‍රෆෝන නිහඩ කර තිබෙනවා.

ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ජනාධිපති ජෝ බයිඩන් හා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරග වදිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *