අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ ආයතනය විසින්  සංශෝධනය කර තිබෙනවා.

මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතිනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 344කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 41කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 379ක් වනවා.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් රුපියල් 355 දක්වා අඩුකර ඇති අතර ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස්කර නොමැති බව සඳහන්.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 317ක් වන අතර භූමිතෙල් මිල රුපියල් 202ක් වනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *