ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පවත්වන ලද රැස්වීමකදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට සහාය ලබාදීමට එකඟ වීම අනීතික තීරණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් අනුව පක්ෂයේ ප්‍රධාන ලේකම් වන්නේ තමන් බවයි ඔහු ලිපියකින් පෙන්වා දෙන්නේ.

එවැනි තීරණයක් ගැනීමට ඔවුන්ට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් මෙය අධිකරණ නියෝගයක් තොරව ආණ්ඩුවේ බලය භාවිත කරමින් පැවැත් වූරැස්වීමක් බවත් එම ලිපියෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *