එක්තරා වෙබ් අඩවියක ‘විජයදාස සහ බැසිල් අතර සාකච්ඡාවක්’ යනුවෙන් සඳහන් වූ පුවතක් පිළිබඳව ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විජයදස රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සිදුවූ බවටත් ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වීම සඳහා කැමැත්ත පළකර ඇති බවටත් එම වෙබ් අඩවිය ප්‍රචාරය කර තිබුණා.

එම තොරතුර මුළුමනින්ම අසත්‍ය සහ ව්‍යාජ තොරතුරක් බවද එවැනි අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කිරීම පිළිකුල් සහගතව හෙලා දකින බවද එම නිවේදනය මගින් දක්වා තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *