ඉදිරි ජනපතිවරණ සටනේදී කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් 4 කට කැඩී තිබෙනවා.

ඉදිරි ජනපතිවරණ සටනේදී කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් 4 කට කැඩී තිබෙනවා.

පොදුජන පෙරමුණේ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනාගෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන ,අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත,ප්‍රේමනාත් දොලවත්ත, ප්‍රදීප් උදුගොඩ,මධුර විතානගේ යන හය දෙනාගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසංහ මැතිතුමාටද, සර්වජන චන්ද බලයට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල දෙදෙනාගේ සහයද , පොදු ජන පෙරමුණට සරත් වීරසේකර, ගාමිණී ලොකුගේ,ජගත් කුමාරගේ යන තිදෙනාද ,විජේදාස රාජපක්ෂ මහතා තනිවමද කොටස් බෙදී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ ආසන සංවිධායකවරු 15 දෙනාගෙන් ගාමිණි තිලකසිරි,ගාමිණි සිල්වා, සුමිත් විජයමුණි යන තිදෙනා සජිත් ප්‍රේමදාස මැතිතුමාටද, ෆයිසර් මුස්තපා යන අය රනිල් වික්‍රමසංහ මැතිතුමාටද, සමන් පුෂ්පකුමාර, සමන් වෙරළුපිටිය,හෙක්ටර් බෙත්මගේ යන තිදෙනා විජේදාස රාජපක්ෂ මැතිතුමාටද, සහ තවම තීන්දුවක් නොගත් තිලංග සුමතිපාල, ජනක රණවක, මොහමඩ් මන්සිල්,කීර්ති උඩවත්ත,නලින් ගුණසේකර, යස්මින් සුදර්ශන , නිශාන්ත සිල්වා ,ප්‍රියන්ත සොයිසා යන අට දෙනා වෙනම කණඩායමක් ලෙස සිටින අතර ලබන සතියේ අවසානයට පෙර මොවුන්ද තීරණයක් ගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *