අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු සිදුකෙරෙන සඳුදා දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එළැඹෙන සඳුදා (05) පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්ම කරනු බව පොලීසිය පවසයි.

ඒ අනුව එම කාලය තුළ පහත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන බව පොලීසිය මහජනතාව වෙත දන්වා සිටී.

මේ අතර අද (03) සිට ගංගාරාම විහාරස්ථානය වෙත ඇතුළු වන සියලුම වාහන ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත හන්දියෙන් ඇතුළු විය යුතු බව පොලීසිය නිවේදනය කරයි.

ඩෝසන් වීදියෙන් ජිනරතන මාවතට ඇතුළු වීම වසා තබනු ලබන අතර ජිනරතන මාවතේ වාහන ගමනාගමනය එක් දිශාවකට පමණක් සිදු කරනු ලබන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර  ආදාහන පුජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ පහසුකම් සලසා ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන සඳුදා දින රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *