2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව ඔහු සහභාගි වන මීටර් 400 අවසන් පුර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11. 05ට පැවැත්වීමට නියමිතයි.

ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි ඔහු වාර්තා අතරට එක්වන්නේ.

මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.05ට පමණ අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්වට එක්වු අතර, ඔහු තත්පර 44.99කින් තරගය අවසන් කරමින් තුන්වන ස්ථානයට පත්වුණා.

මෙය අරුණ දර්ශනගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද වනවා.

මීට පෙර ඔහුගේ පෞද්ගලික හොඳම කාලය වූයේ තත්පර 45.30ක්

ඒ අනුව සුගත් තිලකරත්නගෙන් පසු මීටර 400 ඉසව්වක් තත්පර 45 ට අඩුවෙන් අවසන් කළ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙසත් වාර්තා අතරට එක්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *