ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ටකාෆුමී කැඩෝනෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

ඊයේ (12) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී එම හමුව පවත්වා ඇති බව වාර්තා වනවා.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් එහිදී සිදුකර තිබෙනවා.

ඉදිරියට ද ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තුළ වන සූදානම පිළිබඳ එම නියෝජතයින් ජාතික ජන බලවේගය දැනුවත් කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *