2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිරිසක් ඊට එක්ව තිබුණා.

එහිදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, තරුව ලකුණින් මෙවර ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා තරග කිරීමට නියමිත බවයි.

එහිදී උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් පහතින්,

“මේ මැතිවරණයේ ලොකුම පෙරළිය කළ හැකි ශක්තිය තියෙන්නේ එතුමාට. මොකද 1950 දශකයේ දී වාමවාදී බලවේගත්, ජාතිකවාදී බලවේගත් එකට එකතුවෙලා බණ්ඩාරනායක මැතිතුමාට නායකත්වය දුන්නා. ඊළඟට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලවේගයේ නායකත්වය දැරුවා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. හැබැයි මේ ඉතිහාසය පුරාම ඒ ජාතිකවාදී බලවේගවල කොඩිය තියාගෙන හිටිය නායකත්වයට අද කවුරුත් ඉදිරිපත් වෙලා නෑ. මේ ජනාධිපතිවරණයේ දී සමස්ත බලවේග වෙනුවෙන් ඉන්න අධිරාජ්‍ය විරෝධී බලවේග වෙනුවෙන්, දේශප්‍රේමී බලවේග වෙනුවෙන් ඉන්න එකම අපේක්ෂකයා දිලිත් ජයවීර මහතා. ඒ නිසා රටට ආදරේ හැමෝගෙම ඡන්දය එතුමාට ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *