ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ නාම යෝජනාවලට අත්සන් තබා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නාවල පිහිටි ඔහුගේ නිවසේ දී විජයදාස මහතා නාමයෝජනා සඳහා අත්සන් තැබූ බවයි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා ඇප මුදල් තැන්පත් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ සහයෝගයෙන් ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බව සඳහන් ආරම්භයේදී සඳහන් වනවා.

නමුත් සිරිසේන මහතා සජිත් ප්‍රේමදාස මහතා ට සහාය පළ කරන්නේදැයි මාධ්‍යවේදියෙක් විමසු විට ඊට ප්‍රතිචාර දක්වමින් විජයදාස මහතා පැවසුවේ..”එහෙම ආරංචියක් තියෙනවා.

එතුමාගේ සහාය ලැබෙයි. ලැබුණොත් භාරගන්නවා. නැති වුණත් භාරගන්නවා…” යනුවෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *