යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ (15) හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේ ජල්තර ප්‍රදේශයේදීයි.

යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් අනතුරුව එක් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන රැහැන් කණුවක ද ගැටී තිබෙනවා.

අනතුරෙන් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එක් අයෙක් මියගොස් තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *