විදේශ රැකියා ලබාදෙන පවසමින් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ගන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ, 119 තොරතුරු මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු 58 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු දිසා විනිසුරුවරයෙකු සහ නීතීඥවරයෙකු ලෙස පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබාදෙන පවසා රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වංචා කර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි 03ක් ද ඉදිරිපත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *