සංචාරක ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තුන්වැනි දිනය වන ඊයේ (23) දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිමට ලකුණු 82ක් ඉදිරියෙන් සිටියා.

දෙවෙනි ඉනිමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 204ක් රැස් කර ගැනීමට සමත් වුණා.

පළමු ඉනිමට පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුළු සියල්ල දැවී ලකුණු 358ක් ලබා ගනිමින් සිය පළමු ඉනිම නිමාවට පත් කිරීමට සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 236ක ඉලක්කය අභිබවා ලකුණු 122ක් රැස් කරමින්.

අනතුරුව දෙවෙනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 65ක්ද, කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක්ද, ලෙස කණ්ඩායමේ ඉහළම ලකුණු රැස් කර ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *