අම්පාර සිට කොළඹ බලා 23 වැනි දින රාත්‍රී ගමන් ගත් ලංගම බස් රථයක රියදුරකු රාත්‍රී 8.15 ට පමණ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇති අතර, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවි ඇති බව ඉගිණියාගල පොලිසිය පවසනවා.

අම්පාර ඩිපෝවෙන් කොළඹ බලා ඊයේ 23 රාත්‍රි 7.00 ට පමන බස් රථය පිටත්වී තිබේ.රියදුරුට ඇතිවු යම් අසනිප තත්වයක් නිසා ඔහු බස් රථය ඉගිණියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර ලබන වෛද්‍යවරයකු ගෙන් බෙහෙත් රුගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබෙනවා.

ඔහුගේ අසනිප තත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දි ඇතත් වෙනත් රියදුරකු නැති බව පවසමින් එහු කොළඹ බලා බස් රථය ධාවනය කළ අතර වෛද්‍යවරයා හමුවි සැතපුම් 10 යන්නට පෙර බස් රථය පාරෙන් පිටතට පැන තිබෙනවා.

පසුව රියදුරු කඩිනමින් ඉඟිණියාගල රෝහලට ඇතුළත් කළත් ඒ වෙන විට ඔහු මිය ගොස් ඇති බව වාර්තාවේ.

මෙම බස් රථයේ ගමන් ගත් එක් මගියකු පමණක් සුලු තුවාල ලබා තිබේ. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගින් 40 ක් පමන සිටි බව එම බස් රථයේ කොන්දොස්තර තාරක නුවන් පැවසුවා.

මෙසේ මියගොස් ඇත්තේ 49 හැවිරිදි මංජුල ප්‍රසන්න නැමැති පරගහකැලේ පදිංචි දෙදරු පියෙකි.

ඉගිනියාගල පොලිසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *