සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ  (24) සමත්වුණා.
ඒ අනුව, තරග 3කින් සමන්විත එම තරගාවලියේ 1 – 0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තය කණ්ඩායමයි.
අද දිනය අරම්භ කරන විට ශ්‍රී ලංකා පිල දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියා.
අද දිනයේදී එංගලන්ත පන්දුයවන්නන්ට මැනවින් පහරදුන් චන්දිමාල් සහ කමිඳු ශ්‍රී ලංකා දෙවන ඉනිමට නව ජීවයක් එක් කළේ  පළමු භාගයේදි කිසිදු කඩුල්ලක් ලබා නොදමිනි.
ඔවුන් 8 වැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම සවමිත් කළා.
චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 27 වැනි අර්ධ ශතකය අද වාර්තා කළ අතර සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස්  සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 3වැනි ශතකය ලබාගත්තේ වාර්තාවක් ද තබමිනුයි.
ඒ රසල් ආර්නල්ඩ්ගෙන් පසු ඕල්ඩ් ට්‍රැෆඩ් පිටියේ දී ටෙස්ට් ශතකයක් ලබාගත් දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසටයි.
කමිඳු ලකුණු 113ක් රැස් කළ අතර චන්දිමාල් ලකුණු 79ක් රැස්කළා.
මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 236ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 358ක් රැස් කිරීමට සමත්වුණා.
ලකුණු 122ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ලකුණු 326ක් රැස් කළේ එංගලන්ත කණ්ඩායමට ලකුණු 205ක ඉලක්කයක් ලබාදෙමිනුයි.
ඔවුන් කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *