ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින් සඳහා යොමුකරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීම අද සිදු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවා.

ජනාධිපතිවරණයට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සැප්තැම්බර් 03වන දා සිට ආරම්භ කරන අතර සැප්තැම්බර් 08 වනදා නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනව.

මේ හේතුවෙන් ජනාධිපතිවරණය අවසන් වනතෙක් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *