ජනාධිපති අපේක්ෂකයින්හට මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මගින් යෝජනා 12 ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ මද්‍යසාර දුම්වැටි පාලනය සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන්.

දුම්වැටි සහ මද්‍යසර භාවිතයෙන් මෙරට දිනකට පුද්ගලයින් සියයකට ආසන්න ප්‍රමාණයක් මිය යනව.

ශ්‍රි ලංකාවේ සිදුවන වළක්වාගත හැකි මරණවලින් දහයෙන් අටකටම බෝ නොවන රෝග හේතුවන අතර එම රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක හතරෙන් දෙකක්ම දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතු වි ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

2022 වර්ෂය තුළ සුරාබදු වශයෙන් රුපියල් බිලියන 165 ක බදු මුදලක් උපයා ඇති අතර එම වසරේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා එම වසරේ සෞඛ්‍ය හා ආර්ථිකමය වශයෙන් ඇති වු පිරිවැය රුපියල් බිලියන 237 ක් බවයි ඇඩික් ආයතනය පෙන්වා දෙන්නේ.

ඒ අනුව දුම්වැටි සහ මද්‍යසාර භාවිතය තවදුරටත් රටට ආදායමක් නොවන බව එම ආයතනය පවසනවා.

මේ පිළිබඳව අවධානය යොමු කරමින් තම ප්‍රතිපත්ති සකස් කරන ලෙසට යෝජනා කරන එම ආයතනය ජනාධිපති අපේක්ෂකයින් හට මෙම යෝජනා ඉදිරිපත් කරනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *