මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවළ නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

ඔවුන්ගේ ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විදානය මඟින් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් තලෙයි මන්නාරම වෙත රැගෙනවිත් තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු තලෙයිමන්නාරම ධීවර පරික්ෂක කාර්‍යාලය මඟින් සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *