මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හඳුනාගත් බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසනවා.

ඒ මේ වසරේ ජනවාරි මස සිට ගතවූ මාස අටක කාළය තුළයි.

මහනුවර නාගරික සීමාව තුළ මේ වනවිට ප්‍රධාන බෝ වන රෝග තර්ජනය ලෙස ක්ෂය රෝගය පත්ව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

ඩෙංගු රෝගීන් දින 06ක් ඇතුළත හඳුනාගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට හැකියාව පැවතුනද ක්ෂය රෝගීන් මාස 06ක කාලයක් ගතවනතෙක් හඳුනාගත නොහැකි වීම ඊට හේතුව බවයි ඒ මහතා පැවසුවේ.

නිතර පවතින කැස්ස, සෙම, සිරුරේ අප්‍රාණික භාවය, කෑම අරුචිය ආදී රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් ඒ සඳහා කෙටි කාලීන ප්‍රතිකාර සඳහා යොමුවීම තුළින් ඍජුව ක්ෂය රෝගයට ප්‍රතිකාර නොලැබෙන බවත් රෝගය තවදුරටත් ව්‍යාප්තවීමට ඉඩ ඇති බවත් වෛද්‍ය ජයසිංහ මහතා තවදුරටත් කියා සිටියා.

මහනුවර නගරය ආශ්‍රිතව ක්ෂය රෝගී තත්ත්වය බහුලව පවතින බැවින් හැකි තරම් ආරක්ෂිතව සිටින ලෙසත් මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *